Sunday, December 28, 2014
Wednesday, October 15, 2014
1 වන මුලික ඉගැන්විම් (දෙවියන් වහන්සේගේ ඒකත්වය තුළ විද්‍යමාන ත්‍රීත්වය)
දෙවියන් වහන්සේගේ ඒකත්වය තුළ විද්‍යමාන ත්‍රීත්වය
දෙවියන්වහන්සේ යන්නෙන් අදහස් කරන්නේ විශ්වය මවා පාලනය කරමින් ආරක්ෂා කරන ඡීවාත්මයාණන්වහන්සේටය.
පටන්ගැන්මෙහි දෙවියන්වහන්සේ අහසත් පොළවත් මැවු සේක.(උත්පත්ති1:1)
ස්වාමින්වහන්සේ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියළු සේනාවන්ද පොලොව සහ එහි මතුපිට ඇති සියල්ල ද මැවු සේක. (නෙහෙමියා 9:6)
නුඹේ මැවුම්කාර වු, අහස දිග ඇරිියා වු පොළොව පිහිටෙවුවාවු ස්වාමින්වහන්සේ.......(යෙසායා 51:13)
ඔබ සියලූ දේ මැවු සේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේය. (එළිදරව් 4:11)
පරම සත්‍යය වන්නේ මේ එකම දෙවියන්වහන්සේය. නුඹට පෙන්වන ලද්දේ ස්වාමින්වහන්සේම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් නුඹ දැන ගන්න පිණිසය. (ද්විතිය 4:35)
Thursday, August 7, 2014
අපෝස්තලික දසුන
අපෝස්තලික දේව සභාවේ දර්ශනය, කි‍්‍රස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ කුරුසියත්, රාජ්‍යයත්, සභාවත් පිළිබඳ වු දිව්‍යමය දර්ශනයකි. එම දසුන ශී‍්‍ර ලංකා දේශයෙත් ලොව පුරාත් ගෙනයන මේ බ්ලොක් අඩවියට එක්වු ඔබට අපි අචාර කරමු.
අපෝස්තලික දේවසභාව
ශී‍්‍ර ලංකා අපෝස්තලික දේව සභාව එක්සත් රාජධානියේ වේල්ස් ප‍්‍රාන්තය වෙත ගලා ආ ශුද්ධාත්ම ප‍්‍රබෝධයෙන් උත්පාදනය වු ලෝක ව්‍යාප්ත අපොස්තලික සභාවේ ව්‍යාප්ත ආශිර්වාදයට එක්වු කුඩා කන්ඩායමක වර්ධනයකි. එය ශී‍්‍ර ලංකාවේ පළාත් නවය පුරා වැඩෙමින් පවතී. ලෝක ව්‍යාප්ත අපෝස්තලික සභාව ලෝකයේ රටවල් හැත්තෑවකට පමණ පැතිර සිය වසරක් කරා ගමන් මඟ සනිටුහන් කරයි. ශී‍්‍ර ලංකා අපොස්තලික සභාව සිය 50 වැනි සමරුව පසුකර ඉදිිරියට ගමන් කරමින් සිටියි.
අපොස්තුලූවරුන් හා අනාගතවක්තෘන්ගේ අත්තිවාරම මත ගොඩනැගුන මුල් අපොස්තලික සභාව ආදර්ශකොට ගෙන ලෝක ව්‍යාප්ත අපෝස්තලික සභාව මෙන්ම ශී‍්‍ර ලංකා අපොස්තලික සභාවද ගමන් කරයි.
අපෝස්තලික සභාවේ මුලික ඉගැන්වීම් එකොළොස එහි රැදීමේ බලකණු වේ.
කි‍්‍රස්තුස්වහන්සේ ස්වර්ගයට නැගී තිළිණ කරන ලද පස්වැදැරුම් දේවසේවක දීමනාවන් අපොස්තලික විශිෂ්ඨත්වය අතර විශේෂිත වේ.
Subscribe to:
Posts (Atom)