OUR BELIEFS

අපෝස්තලික සභාවේ
මුලික ඉගැන්වීම් සහ සභාව විශ්වාස කරන ධර්ම එකොළස



(01) දෙවියන්වහන්සේගේ ඒකත්වය තුළ විද්‍යාමාන ති‍්‍රත්වය දේවත්වයේ ඒකත්වය හා දේවත්වය තුළ විද්‍යාමාන තුන්වහන්සේලාගේ ති‍්‍රත්ව ඒකත්වය. 
(ගණන්කථාව 6:22-27, යෙසායා 6:3, මතෙව් 3:16-17, 28:19, යොහාන් 15:26, 1යොහාන් 5:7, උත්පත්ති 2:26, යොහාන් 1:3, 5:18-19, 15:26, 20:28, 1පේතාස් 1:1, රෝම 8:9)


(02) මිනිස් වර්ගයා ස්වභාවයෙන්ම ප‍්‍රපාතයකට වැටී ඇති බව, පසුතැවිල්ල සහ ප‍්‍රති උත්පාදනය අවශ්‍ය බව, පසුතැවිලි අකමැතිවුවන් සදාතන විනාශයට පත්වීම.

ගීතවලිය 51:5, මතෙව් 25:41,46, යොහාන් 3:3, කි‍්‍රයා 2:28, 17:30, රෝම 3:10-18, එපිස 2:1-3, යොහාන් 5:19, එළිදරව් 20:12-15, 21:8, යෙසායා 66:24, 33:126

(03)  අපගේ ස්වාමිවු යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ කන්‍යා උපත, පාප රහිත ජිවිතය, සමඟි කිරිමේ පූජාන්විත මරණය, ජයග‍්‍රාහි මරණයෙන් උත්ථානවීම, ස්වර්ගාරෝහණය, ස්වර්ගයේ පියාණන්ගේ දකුණු පාර්ශවයේ වැඩ වසමින් අප උදෙසා මැදහත්කාරකම් කිරිම, කි‍්‍රස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම හා උන්වහන්සේ පොළවේ අවුරුදු එක් දහසක් රජකම් කරමින් පාලනය කිරිම. 



 සෙකරියා 14:4, මතෙව් 1:23, 24:30/ 28:5,6/ ලූක් 1:35, යොහාන් 14:30, 20:3-18, කි‍්‍රයා 1:9,11/ රෝම 5:11,1:4/ පිලිප්පි 2:6-11, 1තෙසලෝනි 4:15-17/ 2කොරින්ති 5:19/ 1තිමෝති 3:16/ හෙබ්‍රෙව් 2:17/ 4:15/ 7:25,26/ 1යොහාන් 2:1/ එළිදරව් 1:7, 20:1-15


(04) යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ විසින් සමාප්ත කරන ලද කුරුසියේ පූජාව කරණ කොටගෙන ඇදහිලිවන්තයා ධර්මිෂ්ඨ කරණය සහ  පාරිශුද්ධකරණය.   

(රෝම 3:24, 5:1-9, 6:6, 11:14, 8:33, 10:4, 1කොරින්ති 6:11, 2කොරින්ති 7:1, හෙබ්‍රෙව් 10:10)


(05)     ඇදහිලිවන්තයින් අන්‍ය භාෂා සලකුණ සහිතව ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම.  (ලූක් 3:16, 11:9-13, 24:49, යොහාන් 7:37-39, කි‍්‍රයා 1:4-5, 2:1-4, 38-39, කි‍්‍රයා 10:46, 19:6, එපිස 1:23, 4:12)

(06) කි‍්‍රස්තුස්වහන්සේගේ ශරිරය නමැති සභාවේ වර්ධනය, අනුශාසනය, උපදේශනය, සැනසීම සඳහා වන ශුද්ධාත්මයාණන් දානය කරනු ලබන ශුද්ධාත්ම දීමනා නවය.(1කොරින්ති 12:4-11, 14:3, 12,26, එපිස 1:23,4:12)





(07) දියේ ගිල්වීමේ බෞතිස්මය සහ ස්වාමින්වහන්සේගේ රාති‍්‍ර භෝජනය යන සක‍්‍රමේන්තු.

(මතෙව් 28:19, මාර්ක් 16:16, ලූක්:22: 19,20, කි‍්‍රයා 2:38, 8:12, 36:38, රෝම 6:3-7, 1කොරින්ති 10:12-15, 1කොරින්ති 11:23-32)

(08) ශුද්ධ ලියවිල්ලේ දේව ආනුභාවය හා එහි බලධාරිත්වය.
  


(2තිමෝති 3:16, 2පේතෘස් 1:21, මාර්ක් 22:43, ලූක් 24:44” 1:1-4, 2සාමුවෙල් 23:2)

(09)  අපෝස්තුළුවරු, අනාගතවක්තෘවරු, සුභාරංචි දේශකයෝ, සභා පාලක එඬේරු, ගුරුවරුන්, වැඩිමහල්ලන් (ජ්‍යෙෂ්ඨයෝ) උපස්ථායකයින් යන දේව සේවකයන්ගෙන් සමන්විතවු සභා ආණ්ඩු පාලන ක‍්‍රමය.




(කි‍්‍රයා 6:2,3,6/ 13:1-3/ 20:28/ 2කොරින්ති 11:28/ එපිස 4:8-16/ 1තිමෝති 3:1-13/ තීතස් 1:5-9/ හෙබ්‍රෙව්13:17/ 1පේතෘස් 5:1-4/ ලූක් 6:13/ රෝම 16:1)

(10) දේව කරුණාවෙන් (අනුග‍්‍රහයෙන් තුරන්වීමට, වැටීයාමට හැකි ප‍්‍රවනතාවය,(රෝම 11:20-22/ කොලොස්සි 1:21-23/ හෙබ්‍රෙව් 6:4-6/ 10:26-29/ 38,39, එළිදරව් 22:19/ පිලිප්පි 2:12/ 2පේතෘස් 2:4-22)

(11) දශභාගය සහ දේව මහිමය උදෙසා කරණු ලබන විශේෂ පූජා කිරිම්වල අනිවාර්්‍යය බන්ධනීය ස්වභාවය.



(උත්පත්ති 14:20, 28:22, හිතෝපදේශය 3:9,10/ මලාකි 3:10/ 1කොරින්ති 16:2/ 2කොරින්ති 9:6,7/ හෙබ්‍රෙව් 7:1-10)

No comments:

Post a Comment