අපෝස්තලික දේව සභාව හඳුන්වාදීම - 01
අපෝස්තලික සභාවට ලිඛිත ව්‍යවස්ථාවක් ඇත. එහි පළමු ප්රකාශනය 1937 දීත් දෙවැනි ප්රකාශනය 1961 දීත් තුන්වැනි ප්රකාශනය 1985දීත් තුන්වෙනි සංශෝධිත ප්රකාශනය 1987 දීත් ප්‍රකාශ කරන ලදි. 1937 සිට 1985 දක්වා පැවති ව්‍යවස්ථාව එක ග්රන්ථයක් ලෙස ව්‍යවස්ථාවේ නීතිමය රාමුව සහ සභා සහෝදරත්වයේ ආත්මික ව්‍යවහාරයන්ද ඇතුලත් කොට ප්‍රකාශ කරන ලදි. 1985 දී මහා මණ්ඩලය විසින් සභාවේ නිතිමය දුෂ්ඨිය ප්‍රකාශ කරමින් සංශෝධිත ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කරන ලදි.
එම ව්‍යවස්ථා ප්රකාශනයේ පෙරවදනින් අනාගතයේ පලකරනු ලබන්නාවු තවත් ප්රකාශනයක් ගැන එනම් අත්පොත ගැන සඳහන් කරන ලදි. එහි ආවරණය කරනු ලබන්නේ සභාවේ මුලික ඉගැන්වීම් හා විශ්වාසයන් හා ව්‍යවහාරයන් වේ. මෙම අත්පොත සභාවට සහ අපෝස්තලික සභාව ගැන දැනගැනීමට කැමති අනිකුත් ජනයා වෙත අපි ඉදිරිපත් කරමු. අපගේ යාච්ඤාව වනුයේ ස්වාමින්වහන්සේ ඔබ සැමට අපෝස්තලික සභාවේ ව්‍යවහාරයන් හා ඉගැන්වීම් පිළිබඳ කාරණා මෙම පොත මඟින් පැහැදිලි කරගනු ලබත්වා යන්නය. මෙම අත්පොත දීර්ඝ විස්තර සහිත නොවන බව අපි පිළිගනිමු. එසේ වුවද මෙය මඟින් අපෝස්තලික සභාවේ ඉගැන්වීම් හා ව්‍යවහාරයන් පිළිබඳ වු විවරණයක් ලෙස ප්රකාශිතව ඇත. ඩි.ආර්. ඩික්ස් (සභාපති) ඩි. ඕ.ඩැන්ඩෝ ඩි.ජී.ඩැනියෙල් ඩි.සෝන්ඩර්ස් ජී.ජී. වික්ස් ඊ. එන්. විලියම්ස් (ලේකම්) මෙම අත්පොත සභාවට සහ අපෝස්තලික සභාව ගැන දැනගැනීමට කැමති අනිකුත් ජනයා වෙත අපි ඉදිරිපත් කරමු. අපගේ යාච්ඤාව වනුයේ ස්වාමින්වහන්සේ ඔබ සැමට අපෝස්තලික සභාවේ ව්‍යවහාරයන් හා ඉගැන්වීම් පිළිබඳ කාරණා මෙම පොත මඟින් පැහැදිලි කරගනු ලබත්වා යන්නය. මෙම අත්පොත දීර්ඝ විස්තර සහිත නොවන බව අපි පිළිගනිමු. එසේ වුවද මෙය මඟින් අපෝස්තලික සභාවේ ඉගැන්වීම් හා ව්‍යවහාරයන් පිළිබඳ වු විවරණයක් ලෙස ප්රකාශිතව ඇත. ඩි.ආර්. ඩික්ස් (සභාපති) ඩි. ඕ.ඩැන්ඩෝ ඩි.ජී.ඩැනියෙල් ඩි.සෝන්ඩර්ස් ජී.ජී. වික්ස් ඊ. එන්. විලියම්ස් (ලේකම්)
මෙම අත්පොත සභාවට සහ අපෝස්තලික සභාව ගැන දැනගැනීමට කැමති අනිකුත් ජනයා වෙත අපි ඉදිරිපත් කරමු. අපගේ යාච්ඤාව වනුයේ ස්වාමින්වහන්සේ ඔබ සැමට අපෝස්තලික සභාවේ ව්‍යවහාරයන් හා ඉගැන්වීම් පිළිබඳ කාරණා මෙම පොත මඟින් පැහැදිලි කරගනු ලබත්වා යන්නය. මෙම අත්පොත දීර්ඝ විස්තර සහිත නොවන බව අපි පිළිගනිමු. එසේ වුවද මෙය මඟින් අපෝස්තලික සභාවේ ඉගැන්වීම් හා ව්‍යවහාරයන් පිළිබඳ වු විවරණයක් ලෙස ප්රකාශිතව ඇත. ඩි.ආර්. ඩික්ස් (සභාපති) ඩි. ඕ.ඩැන්ඩෝ ඩි.ජී.ඩැනියෙල් ඩි.සෝන්ඩර්ස් ජී.ජී. වික්ස් ඊ. එන්. විලියම්ස් (ලේකම්)
අපෝස්තලික දේව සභා මුලික ඉගැන්වීම් ප්‍රඥාප්තියේ සම්ක්ෂිතය
-
පළමු වන මුල ප්‍රඥාප්තිය - දෙවියන්වහන්සේගේ ඒකත්වය තුළ විද්‍යාමාන ති‍්‍රත්වය.
-
දෙවන මුල ප්‍රඥාප්තිය - මානව වර්ගයා ස්වභාවයෙන්ම පාපකාරි ප්‍රපාතයකට වැටී ඇති බව. පසුතැවිල්ල සහ ප්රතිඋත්පාදනය අවශ්‍ය බව. පසුතැවිල්ලට ඇකමැති අය සදාතන විනාශයට පත් වන බව.
-
තුන්වන මුල ප්‍රඥාප්තිය - යේසුස්වහන්සේ පිළිබඳ වැඳගත් කරුණු
-
හතර වන මුල ප්‍රඥාප්තිය - යේසුස්වහන්සේ විසින් සමාප්තකරන ලද කි‍්‍රයාවෙන් ඇදහිලිවන්තයන් පිරිසිදු කරනු ලැබීම.
-
පස්වන මුල ප්‍රඥාප්තිය - විශ්වාසවන්තයන් ශුද්ධාත්මයාණන් තුළ බෞතිස්මය ලැබීම සහ සලකුණු පහලවීම.
-
හයවන මුල ප්‍රඥාප්තිය - අභිවෘද්ධිය, ධෛර්ය සහ සැනසීම සඳහා කි‍්‍රස්තුස්වහන්සේගේ ශරිරයවු සභාවට ලැබෙන ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා නවය.
-
හත් වන මුල ප්‍රඥාප්තිය - දියේ ගිල්වීමේ බෞතිස්මය සහ ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනයේ සක්‍රමේන්තුව.
-
අටවන මුල ප්‍රඥාප්තිය - ශුද්ධ ලියවිලිවල එළිදරව්ව සහ එහි බළධාරිත්වය
-
නව වන මුල ප්‍රඥාප්තිය - සභාව පාලනය. අපෝස්තලවරු, අනාගතවක්තෘවරු, ධර්ම ප්‍රචාරකයෝ, සභාපාලකවරු, ගුරුවරු, ජේෂ්ඨ සහෝදරයෝ(වැඩිමහල්ලෝ සහ උපස්ථායක)යින්ගෙන් යුත් සභාපාලනය.
-
දස වන මුල ප්‍රඥාප්තිය - දේව අනුග්‍රහයෙන් තුරන්වීමට ඇති ප්රවනතාව.
-
එකළොස් වන මුල ප්‍රඥාප්තිය - දසභාගය හා පූජා ප්‍රධානය කිරිමේ බන්ධනීය ස්වභාවය.
මෙම අත්පොතෙහි ප්‍රථම ප්රකාශනය :2001-01-25
අපෝස්තලික සභා ඉතිහාසය
01 වන පරිච්ජේදය.
අපෝස්තලික සභාවේ ඉතිහාසය එහි නාමය හා අරමුණු (ජාත්‍යාන්තර)
අපෝස්තලික සභාව 1904-1905 කාලය තුළ බි්රතාන්යයේ වේල්ස් නගරයේ ඇති වු ශුද්ධාත්ම ප්‍රබෝදයේ වර්ධනයකි. මෙම ආත්ම ප්රබෝධය සිහිකිරිම දකුණු වේල්ස්හි ඩයිඩිහි පිහිටි අපෝස්තලික සභා මුලස්ථානයේ සිහි කිරිම් අත්තිවාරම් ගලක සටහන් කර ඇත. ශුද්ධාත්මයාණෝ තවත් අපෝස්තලික අවධියක ව්‍යාප්තිය ආරම්භ කරන ලද්දේ වේල්ස් ගම්මානයේය. මෙම පිබිදිීම බොහෝ කාලයක් නොසලකා හැර තිබු සහ ජිවිතයේ විශේෂිත කොටස වන නොනවතින ශුද්ධාත්ම වැගිරවීම නැවත සභාවට ගෙන එන ලදී. එමගින් සභාව වර්ධනය කරන්නාවු ශුද්ධාත්ම දීමනා සභාවට දානය කරන ලදි. 1907-1908 දී මහත් ශුද්ධාත්ම වැගිරවීමක් එංගලන්තය, ස්කොට්ලන්තය සභා වේල්ස් කෙරෙහි විය. එහි මහත් ආත්මික ආශිර්වාදයෙන් පිරුණු කාලයක් විය. පෙන්තකොස්ත පොරොන්දුව බි්රතාන්යයට ලැබුන අතර බොහෝ දෙනෙක් අන්‍ය භාෂාව සහිත ශුද්ධාත්ම පූර්ණත්වය ලැබුහ. මෙය තවදුරටත් එපිස 4:11 සඳහන් කි්රස්තුස්වහන්සේ ඔසවා ගනු ලැබු විට සභාවට දෙන ලද දේව සේවක සේවාවන් හා අපෝස්තලික සේවය හා අනාගතවක්තෘ සේවය පිළිබඳ දර්ශනය හා සත්‍ය පිළිබඳ එළිදරව්ව ලැබ එය නැවත පිහිටුවීමට මඟපෙන්වන ලදී. එමෙන්ම කි‍්‍රස්තුස්වහන්සේගේ ශරිරය වන සභාව පිළිබඳ දේව වාක්‍ය සත්‍යයන් අනාවරණය කිරිමටද මඟපාදන ලදි. මෙ දර්ශනය නව ගිවිසුම් යැවුම් පත්‍රවල එළිදරව් කර ඇත. කි‍්‍රස්තුස්වහන්සේගේ අරමුණ සැලැස්ම උන්වහන්සේ ඔසවා ගනු ලැබු කල සභාවට ත්‍යාග වශයෙන් දුන් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් පමණක් ගැන නොව අන්‍ය භාෂා සලකුණු සහිත ශුද්ධාත්ම බෞතිස්මයෙන් අනතුරුව දෙන ලද ශුද්ධාත්ම දීමනා ගැනද සම්බන්ධවය. (කි‍්‍රයා 2:4/ 1කොරින්ති 2:1-11)
දෙසොහොයුරෝ
ආරම්භකයා- ඩැනියෙල් පවල් විලියම්ස් අනාගතවක්තෘ, -විලියම් ජෝන්ස් විලියම්ස්.
මෙම අපෝස්තලික ඉගැන්වීම් පිළිබඳ දර්ශනය අපෝස්තලික සහෝදරත්වයේ ප්‍රථම මුලිකයා වු ඩැනියෙල් පවල්විලියම්ස් තුමාව තදින් අල්ලා ගන්නා ලදි. එතුමාව අපෝස්තුන්දාවරයෙකු ලෙස 1913 දී ආලේපකරන ලද අතර එතුමා අපෝස්තලික සභා මන්ත්‍රණ සභාවේ ප්‍රථම සභාපතිධුරයට පත්වු අතර 1947 දී එතුමා තේජසට කැඳවා ගන්නා තුරු එම තනතුරෙහි රැදී සිටියේය. ස්වාමින්වහන්සේ විසින් ඩි.පී. ඩැනියෙල්තුමාගේ සොයුරු විලියම්ජෝන්ස් විලියම්තුමාවද කි‍්‍රස්තු සභා ශරිරයේ අනාගතවක්තෘවරයෙකු ලෙස 1913 දී කැඳවා සභාවේ පූර්ණකාලීන සේවයෙහි ආලේප කරන ලදි. එලෙස ඔවුන් අනෙකුත් අය සමඟ නව ගිවිසුම් සභාවේ තනතුරු මත අපෝස්තුන්දාවර හා අනාගතවක්තෘ තනතුරවල එක්සත් රාජධානි සේවයෙහි නියුක්ත වුහ. පසුකාලීනව මෙම සේවාවන් ලෝකයේ අනෙකුත් රටවල සහ මහද්වීපවලද අභ්‍යාස කරන ලදි.
ජාත්‍යාන්තර මුලස්ථානය-වේල්ස්හි පෙනිග්රෝස්.
ආරම්භයේ සිටම පෙනිග්රෝස් හිදි රැස්වු ඇදහිලිවන්ත සභාව අපෝස්තලික සභාව ලෙස හඳුන්වනු ලැබීය. එකවරම සහ තම තමන් විසින්ම එකිනෙක කණ්ඩායම් අතර කිසිදු සම්බන්ධතාවයක් හෝ ආශ්‍රයක් නොමැතිව එක්සත් රාජධානිය තුළ පිහිටි කණ්ඩායම් කිහිපයක් අතරට කි‍්‍රස්තුස්වහන්සේගේ සභාව පිළිබඳ අභිප්‍රාය ශුද්ධාත්මයාණන් විසින් ඒකාකාර අන්දමකින් කි‍්‍රයාත්මක කරමින් සිටි සේක. එම මුල් කාලයේදී "අපෝස්තලික සභාව" නමැති නාමය සමහර කණ්ඩායම්වලට අනාගතවාක්‍ය මඟින් එළිදරව් කරනු ලැබු අතර තවත් සමහරකට එම කණ්ඩායම් නායකයින් හට ඇතුලාන්ත වැටහිමක් ලෙස එය ලැබුනි. එම (නාමය) අවධානයට ලක් කරන කරුණ නම් සභාවේ විශ්වාසය හා ප්‍රතිපත්තින් නව ගිවිසුමේ අපෝස්තුන්දාවරුන් ආරම්භ කර පවත්වා ගෙන යනු ලැබු මුල් සභාවට සමීපව අනුගමනය කරන බවය. එලෙසම එය තවදුරටත් අවධාරණය කරන්නේ අපෝස්තලික සභාව විවෘතව හා ප්‍රසිද්ධව එපිස 4:11 සඳහන් පරිදි පස්විධියාකාර (පංච සේවය පිළිගන්නා බව හා අපෝස්තුන්දාවරයා අද දවසේද පිළිගනු ලබන බවට විශේෂ අවධානය යොමු කිරිමය. මෙම මෙහෙය සඳහා දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබු අය අතරින් ඇන්ඩෲ ටී.අර්න්බුල් අනාගතවක්තෘ සේවය ප්‍රතිචාර වශයෙන් එඞ්න්ටර්හි පොර්ටොබිලෝ සිට ග්ලාස්ග්ලෝ වෙතට පැමිණියේය. වර්ෂ 1919 දි ඔහු නායකත්වය දැරු සභාවද අපෝස්තලික සභාවේ කොටසක් බවට පත් විය. "අපෝස්තලික දර්ශනය" ඇතිව සිටි හේපර්ඞ්හි විසු එඞ්ගා ප්‍රැන්ක් හොජස්ගේ ජිවිතයේද ශුද්ධාත්මයාණෝ කි‍්‍රයාකාරි වුහ. වේල්ස්යෙහි ඇතිවන ලද අපෝස්තලික සභාව ගැන කිසිදු දැනගැන්මක් නොලැබ සිටි එඞ්ගාි්රැන්ක් සහෝදරතුමා කුඩා දේවස්ථානයක් සාදා එයට "අපෝස්තලික සභාව" යන නාමය තැබීය. වර්ෂ 1920 දී ඔවුන් පෙනිග්රෝස්හි සිටි සහෝදරයන් හා සම්බන්ධතා ඇතිකරගන්නා ලද අතර ස්කොට්ලන්තයේ සහෝදරයන් සමඟ එක්වී එක සභා සහෝදරත්වයකට එක්වන ලදි.
මෙලෙස සභා සේවය (හේපඞ්* සිට මධ්‍යම ප්‍රදේශයටද” එංගලන්තයේ දකුණු බටහිර ප්‍රදේශයටද පැතිර ගියේය. එක අපෝස්තලික සභාවක් ඒ ආකාරයෙන්ම ශුද්ධාත්මයාණෝ දෙවියන්වහන්සේගේ අභිප්‍රාය සම්බන්ධයෙන් යොක්ෂයර්හි බ්රැඞ්පර්ඞ්හි කි‍්‍රයාකාරි වු සේක ගරු හර්බට් වික්ටර් චැන්ටර්තුමාගේ නායකත්වය යටතේ උතුරු එංගලන්තයේ "දෙවියන්වහන්සේගේ අපෝස්තලික සභා" නමින් කන්ඩායම් කිහිපයක් විය. 1929දී බ්රැඞ්පර්ඞ්හි පැවති පාස්කු කාලින දේව මෙහෙයකට සමුන්දාවකට සහභාගි වන ලෙස වේල්ස් හේපර්ඞ් සහ ස්කොට්ලන්තයේ සිටි නායකයින්ට ආරාධනා කරනු ලැබිය. එහි ප්‍රතිඵලය වශයෙන් උතුරු එංගලන්තයේ තිබු සභාවන් ස්කොට්ලන්තයේ නිරිත දිග එංගලන්තයේ සහ වේල්ස්හි වර්ධනය වෙමින් පැවති සභා සහභාගිත්වයන් එක්වෙමින් එක අපෝස්තලික සභාවක් ස්ථාපිත විය. එම වර්ෂයේම අපෝස්තලික සභාවේ දුත ව්‍යාපාරයක් බ්රැඞ්පර්ඞ් මුලස්ථානය කොට ආරම්භ විය. අපගේ කාලයේ සභාව නව ගිවිසුමේ සභාවට සාදෘශ්‍ය සමාන විය යුතු බව විශ්වාස කරමින් අපෝස්තලික සභාව පළමු සියවසේ සෑම සභාවක්ම අපෝස්තලික සභාවක් වු සභාව ප්රතිබිම්බික කරමින් සෑම සභාවක්ම අපෝස්තලික ඉගැන්වීම දරමින් අපෝස්තලික සභා ආණ්ඩු ක්‍රමයට යටත් වෙමින් කි‍්‍රයා කිරිමට සොයයි.
ප්රමුඛ වශයෙන් අපෝස්තලික සභාව ගොඩනැගුණු හා එය යොමුකරන ලද ශුද්ධ ලියවිලි අතරින් පහත දැක්වෙන ඒවා දැක්විය හැකිය.
-
තවද ඔවුහු පේ්රරිතයන්ගේ ඉගැන්වීමෙහිද” සහභාගිකමෙහිද” රොටිකැඩිමෙහිද යාච්ඤා වලද ස්ථිර ලෙස පවැතුනහ’ (කි‍්‍රයා 2:42)
-
"මෙසේ දෙවියන්වහන්සේ පළමු කොට පේ්රරිතයන්ද, දෙවනුව අනාගතවක්තෘවරුන්ද, තුන්වෙනුව ගුරුවරුන්ද, ඊලඟට ආශ්චර්්‍ය කරන්නන්ද, පසුව සුවකිරිමේ දීමනාවද උපකාරයද, ආණ්ඩුද, නානාවර්ග භාෂාද සභාවෙහි පිහිටවු සේක. " (1කොරින්ති 12:28)
පංච විධි දීමනා (එපිස 4 : 8-16)
උන්වහන්සේ
-
සමහරුන් පේ්රරිතයන්ද (අපෝස්තුලූවරුන්),
-
සමහරුන් අනාගතවක්තෘවරුන්ද,
-
සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද,
-
සමහරුන් සභාපාලකයින්ද,
-
සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.
ස්වාමින්වහන්සේ විසින් සේවය සඳහා දෙනු ලැබු දීමනාවන් මුන්දා කාලයටම ප්‍රයෝජනවත් කි‍්‍රයාකාරකම් හා නිළයන් බවද ඒවා කිසි දිනක ඉවත් කර නොගන්නා ලද බවද අපෝස්තලික සභාව තරයේ ප්‍රකාශ කර සිටියි.
විශේෂ සටහන
අපෝස්තලික දේව සභාව හඳුන්වා දීම පිළිබඳ අත්පොත ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එහි පළමු කොටස අපෝස්තලික සභාවේ ඉතිහාසය හා සමකාලීන ව්‍යවහාරයන්ය. ඔබ වෙත මේ සමඟ ඉදිරිපත් කොට ඇත්තේ එම පළමු කොටසට අදාල කරුණුය. මෙය ඉදිරිපත් කරණ අවස්ථාව වන විට ශි‍්‍ර ලංකාවේ අපෝස්තලික සභාව මෙම රාමුව වෙත වැඩෙමින් පවතින බව සිහිපත් කරන්නෙමු. එමෙන්ම මෙම ප්‍රකාශය සමඟ ශි‍්‍ර ලංකාවේ අපෝස්තලික සභාවේ ඉතිහාසය ඇතුලත් කොට ඇති අතර ශි‍්‍ර ලංකාවේ දැනට පවතින පාලන රටාව පිළිබඳවද යම් සටහන් සඳහන් කොට ඇත. අපගේ පැතුම යහපත් ආදර්ශයක්ව දේව වචනයට අදාලව ඇති යහපත් වු මෙම රටාවට වර්ධනය වීමය.
මෙම අත්පොතේ දෙවැනි කොටසට අයත්වන කරුණු මින් පෙර අපෝස්තලික සභාවේ ඉගැන්වීම් හා විශ්වාස යනුවෙන් 1984 දී ප්‍රකාශ කරන ලදි. එය මහාචාර්්‍ය ජී.පී.වී. සෝමරත්න මහතා විසින් පරිවර්තනය හා සංස්කරනය කර ප්‍රකාශිත විය. එය නැවත වරක් ප්‍රකාශ කිරිීමට කටයුතු කරමින් සිටිමු.
සභාපාලක බැසිල් සී. ප්‍රනාන්දු.
No comments:
Post a Comment