දෙවියන් වහන්සේගේ ඒකත්වය තුළ විද්‍යමාන ත්‍රීත්වය
දෙවියන්වහන්සේ යන්නෙන් අදහස් කරන්නේ විශ්වය මවා පාලනය කරමින් ආරක්ෂා කරන ඡීවාත්මයාණන්වහන්සේටය.
පටන්ගැන්මෙහි දෙවියන්වහන්සේ අහසත් පොළවත් මැවු සේක.(උත්පත්ති1:1)
ස්වාමින්වහන්සේ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියළු සේනාවන්ද පොලොව සහ එහි මතුපිට ඇති සියල්ල ද මැවු සේක. (නෙහෙමියා 9:6)
නුඹේ මැවුම්කාර වු, අහස දිග ඇරිියා වු පොළොව පිහිටෙවුවාවු ස්වාමින්වහන්සේ.......(යෙසායා 51:13)
ඔබ සියලූ දේ මැවු සේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේය. (එළිදරව් 4:11)
පරම සත්‍යය වන්නේ මේ එකම දෙවියන්වහන්සේය. නුඹට පෙන්වන ලද්දේ ස්වාමින්වහන්සේම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් නුඹ දැන ගන්න පිණිසය. (ද්විතිය 4:35)
ස්වාමින්වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත් පහත පොළොවෙහිත් දෙවියන්වහන්සේ බවද වෙන දෙවි කෙනෙක් නැති බවත් අද දවසේ දැන ගෙන ඒ බව නුුඹේ සිතේ තබා ගන්න.(ද්විතිය කථාව 4:39)
ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක මම පළමුවැනියාය. අන්තිමයාත් මමය. මා හැර වෙන දෙවි කෙනෙක් නැත. (යෙසායා 44:6)
මා ඇර වෙන දෙවි කෙනෙක් ඇද්ද? නැත.(යෙසායා 44:8)
යේසුස්වහන්සේ උත්තර දෙමින් .........ඉශ්රායෙල් අසාපන්න...... අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය. උන්වහන්සේ එකම දෙවියන්වහන්සේය.(මාර්ක් 12:29)
අපට ඇත්තේ එකම දෙවි කෙනෙක් වන පියාණන් වහන්සේය.(1 කොරින්ති 8:6)
දෙවියන්වහන්සේ ඡීවමාන තැනැත්තෙක් වන අතර ආත්මයක්ද වේ.
දෙවියන්වහන්සේ තුළ ශාරීරික කොටස් හෝ ශාරීරික ආශාවන් නැත. භෞතික වස්තුන්ගෙන් සමන්විත නොවේ. ඒ නිසා අපට ඉන්ද්රිය ගෝචර වන ආකාරයට ග්‍රහණය කල නොහැකිය. අපගේ සීමිත ඥානයට වටහා ගැනිම අපහසුය. එහෙත් ඡීවමාන තැනැත්තෙක් නිසා බුද්ධිමත් ලෙස හොද නරක වෙන්කොට තේරුම් ගනි. උන්වහන්සේගේ ක්‍රියා උන්වහන්සේ විසින්ම තීරණය කර ගනී. අපගේ ආත්මවල අත්‍යවශයෙන් අඩංගු සියලූ ලක්ෂණ උන්වහන්සේ තුළ පවතී. නුඹලා දෙවියන්වහන්සේව කාට සමාන කරන්නහුද? නොහොත් කොයි රුපාකාරයන් උන්වහන්සේට සමාන කරන්නහුද? (යෙසායා 40:18)
දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබැකමින්ද නමස්කාර කල යුතුය. (යොහාන් 4:24)
අමරණිය වු අදෘශ්යමානවු එකම දෙවිවු සදාකාල රජ්ජුරුවන් වහන්සේට ගෞරවයද තේඡසද සදාකාලයටම වේවා. (තිමෝති 1:17)
ශුද්ධවු ලියවිලි වලින් දැක්වෙන්නේ දෙවියන්වහන්සේ තුළ ස්වභාවයෙන්ම දිව්‍ය ගුණාංග ඇති බවත් ඒවා නැතිව උන්වහන්සේට දෙවියන්වහන්සේ වීමට නොහැකි බවත්ය. උන්වහන්සේ තුළ සදාචාරමය ගුණාංග ඇත. ඒවා ක්‍රියාවට නැගීම උන්වහන්සේ කරති. සඳහටම තම කැමැත්ත ක්‍රියාත්මක කරති.
උන්වහන්සේ අනුකම්පාවෙන් පුර්ණවු දයාවන්තවු උදහස්වීමට ප්‍රමාද වන්නාවු අධිකතර කරුණාව සහ සැබැකමද ඇත්තාවු දෙවිකෙනෙක්ය.(නික්මයාම 34:6)
ස්වාමින්වහන්සේ සෑම ගුණයෙන්ම පරිපුර්ණය. නිම් හිම් නැති හොඳ ගුණාංග වලින් පුර්ණවු කෙනෙකි.
අපගේ ස්වාමින්වහන්සේ උතුම්ය. මහා බලයෙන් යුක්තය. උන්වහන්සේගේ ඥානය අනන්තය. (ගීතාවලිය 147:5)
මට නොපෙනෙන ලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්න පුළුවන් දැයි ස්වාමීන්වහන්සේ කියන සේක. ස්වර්ගය සහ පෘථිවිය මගෙන් පිරි තිඛෙනවා නොවේ දැයි ස්වාමින්වහන්සේ කියන සේක. (යෙරමියා 23:24)
ස්වාමීන්වහන්සේ සර්ව කාලීනය. ස්වයං ඡීවී වේ. එසේ වන්නේ උන්වහන්සේ පමණය. අන් සියලූ සත්වයෝ උන්වහන්සේගෙන් ප්‍රාණය ලබති. උන්වහන්සේට ප්‍රභවයක් නොමැත. අවසානයක්ද නොමැත. උන්වහන්සේගේ මැවීමේ පුද්ගලයන්ට අමරණියත්වය උරුම කර ගත හැක්කේ ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහයෙන් පමණි.
කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළව හා ලෝකය සැදිමටත් පළමුවෙන් සදාකලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය. (ගීතාවලිය 90:2)
සියළු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ. (කොලොස්සි 1:16)
අමරණියවු අදෘශ්‍යමාන වු එකම දෙවිවු සදාකාල රඡ්ඡුරුවන් වහන්සේට ගෞරවයද තේඡසද සදාකාලයටම වේවා. (1 තිමෝති 1:14)
දෙවිස්වාමින්වහන්සේ සර්වඥානයෙන් යුතුය. ඇත්ත වශයෙන්ම තිබෙන්නාවු විය හැකි දේවල් පිළිබද සියලූ දැනගැන්ම උන්වහන්සේ සතුය.
තමාගේ අල්ලෙන් ඡලය මැන්නෙත්....අහස වියතෙන් මැන්නෙත්..... පොලවේ පස් මිම්මක දමා බැලූවෙත්..... තරාදියකින් කඳුද... තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද? ස්වාමින්වහන්සේගේ ආත්මයට මග පෙන්නුවෙත් උන්වහන්සේ කා සමග මන්ත්‍රණය කල සේක්ද? උන්වහන්සේට ගුරුකම් දී යා යුතු මාර්ගය ගැන උන්වහන්සේට උගන්වා දැනගැන්ම උගන්වා බුද්ධියේ මාර්ගය උන්වහන්සේට පෙන්නුවේ කවුද? (යෙසායා 40:12-14)
උන්වහන්සේ සවිත්රගතය. විශ්වයේ සැම තැනකම වැඩවසන සේක. දෙවියන්වහන්සේ අදෘෂයමාන සාරය සම්පුර්ණයෙන් විශ්වයේ සැම ස්ථානයකම ඒකාකාරයෙන් පවතී. සදාකාලයේ සිට සෑම මොහොතකම පවතී. (ගීතාවලිය 139:3-5)
ඔබගේ ආත්මය කෙරෙන් කොතැනකට යන්නෙමුද? ඔබ ඉදිරියෙන් කොතැනකට පලා යන්නෙම්ද? මම ස්වර්ගයට නැගුනෙමු. නමුත් ඔබ එහිය. පාතාලයේ මාගේ යහන පිළියෙල කරමි නම් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුර කෙළවර විසුවත් එහිදිත් ඔබගේ හස්තය මට මඟ පෙන්වන්නේය. ඔබගේ දකුණු හස්තය මට මග පෙන්වන්නේය. ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. (ගිතාවලිය 139:3-10)
දෙවියන්වහන්සේ සර්වබලධාරිය. තමන්වහන්සේගේ අවශ්‍යතාවයන් පරිපුර්ණ කිරිම සඳහා ඕනැම කර්තව්‍යයක් කිරිමට බලය උන්වහන්සේ සතුය. උන්වහන්සේ විසින් සියලූ දේවල් මවන ලද්දේ තමා සතු සදාතන බලය... ඥාණය සහ යහපත්කම කරණකොට ගෙන උන්වහන්සේටම මහිමය පැමිණෙන ලෙසය. මවන ලද්දේ ඉන් පෙර විද්‍යාමාන වු දේවල් නොවේ. මා සර්වපරාක්‍රම දෙවියන්වහන්සේය. මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පුර්ණ වන්න.(උත්පත්ති17:1)
අපේ ස්වාමින්වහන්සේ උතුම්ය. මහා බලයෙන් යුක්තය. උන්වහන්සේගේ ඥානය අනත්තය.(ගීතාවලිය147:5)
දෙවියන්වහන්සේ වෙනස් නොවන සුළුය.
උන්වහන්සේගේ ඡීවමාන භාවය සඳහා මනුෂ්‍යයා හෝ ලෝකයා තුළ දක්නට තිඛෙන නිරන්තර වෙනස්වීම අනවශ්‍යය. තමාගේ ඕනැකමින් ඇර වෙන කිසිම බලයකින් වෙනස් නොවන එතුමාට වෙනස්වීම ඕනැ නැත. සම්පුර්ණයෙන්ම කිසිසේත්ම චලනය නොකෙරෙන මෙතුමාගේ ගතිගුණ කිසිසේත් සෙලවිය නොහැකිය. උන්වහන්සේගේ සම්පුර්ණකමට වෙනස්වීිමක් අවශ්‍යය නැත.
පොලොවේ සිමාවල මැවුම්කාර වු ස්වාමින්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.(යෙසායා 40:28)
සැම යහපත් දීම ද, සෑම සම්පුර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරිමේ ඡායාවක්වත් නැත්තා වු ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය. (යාකොබ් 1:17)
දෙවියන්වහන්සේගේ සියලූ ලක්ෂණ නිසා උන්වහන්සේට විශ්වයේ සර්ව ප්රධාන්ය භාවය ලැබිමට සුදුසු වේ. උන්වහන්සේගේ සර්ව උත්තමභාවය, මහිමය රැදි තිඛෙන්නේ මේ උසස් ගුණාංග තිඛෙන නිසාම නොව එම ගුණාංග හරිහැටි පරිහරණය කරන නිසාය. දෙවියන්වහන්සේගේ පරමසෞභාග්ය නිසා දිව්‍යමය ගුණාංග සියල්ලම උන්වහන්සේගේ යහපත් සත්පුරුෂ ක්රීයා සඳහා යොදා ගනි.
ඔහුද අනේ, ඔබගේ තේඡස මට පෙන්නුව මැනවැයි කී සේක. උන්වහන්සේද, මම මාගේ සියලූ ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමින්වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි. (නික්මයාම 33:18-19)
උන්වහන්සේ අනුකම්පාවෙන් පුර්ණ වු දයාවන්ත වු උදහස්වීමට ප්‍රමාද වන්නාවු අධිකතර කරුණාව හා සැබැකම ද ඇත්තාවු දෙවි කෙනෙක්ය. (නික්මයාම34:5-7)
දයාව උන්වහන්සේගේ පරිපුරික ගුණධර්මයේ අග්‍ර ඵලය වේ. සෑම අවස්ථාවකම දෙවියන්වහන්සේ දයාව පෙන්වයි. දෙවියන්වහන්සේ ප්‍රේමයය. (1 යොහන් 4:8)
දෙවියන්වහන්සේ අප්‍රමාණ ඥානයෙන් යුක්තය.
දෙවියන්වහන්සේ සර්වාලම්බනික සර්වඥතා ඥාණයෙන් යුක්ත කෙනෙකි. උන්වහන්සේගේ සර්වඥභාවය සියලූ ආකාරයෙන් දයාව පෙන්වීම සඳහා යොදා ගනි.
ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ..... උන්වන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදිම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. ඒ කරුණාව සියලූ ප්‍රඥාව හා නුවණැතිකමින් අප කෙරෙහි බොහෝ වන්ට සැලැස්සු සේක. එසේ කලේ කාලවල සම්පුර්ණකමේ නියමය ලෙස ස්වර්ගයෙහි දේවල්ද පොලොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුන්වහන්සේ තුළ ඒක රාශිකරන්ට තමන්වහන්සේ තුළ අදහස් කල තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වා දීමෙන්ය. (එපිස1:7-10)
දෙවියන්වහන්සේ අපරිමිත ලෙස ධර්මිෂ්ඨය. සියලූ දෙනාගේම අයිතිවාසිකම් සඳහා මුළු සිතින්ම කටයුතු කරයි. ධර්මිෂ්ඨකමත් යුක්තියත්... ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය. කරුණාවත් සැබැකමත් ඔබට පෙරටුව යති. (ගීතාවලිය89-14)
දෙවියන් වහන්සේ අපරිමිත ලෙස කරුණාවන්තය. හරියාකාර අන්දමට සියලූ අවස්ථාවලදීම පාපයට කමාව දිමට උන්වහන්සේ සුදානම්ය.
ස්වාමින්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදා කාලේටද උන්වහන්සේ විශ්වාසකම සියළු පරම්පරාවලටද පවත්නේය. (ගීතාවලිය100:5)
දෙවියන්වහන්සේ සත්‍යය.
කාරණා හා කරුණු ඒ ආකාරයෙන්ම උන්වහන්සේ පෙන්වා දෙයි.
උන්වහන්සේ පර්වතයය. උන්වහන්සේගේ ක්‍රියාව සම්පුර්ණය. මක්නිසාද? උන්වහන්සේගේ සියලූ මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාස වු අයුතුකමින් තොර වු දෙවිකෙනෙකි. උන්වහන්සේ වනාහි ධර්මිෂ්ටය. අවංකය. (ද්විතීය කථාව 32:4)
අධ්‍යාත්මයෙහි සත්‍යතාවයට ඔබ කැමති සේක. අප්‍රකාශ වු හෘදයෙහි ඔබ මට ඥාණය දැනගන්ට සලස්වන සේක (ගීතාවලිය 51:6)
උන්වහන්සේ ශුද්ධයඋන්යහන්සේ සර්ව සාධාරණය
මම නුඹලාගේ දෙවි වු ස්වාමින්වහන්සේය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටපල්ලා. (ලෙවිකථාව 11:44)
මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුය.(1 පේත්‍රස් 1:16)
සියලූම දිව්‍යමය ගුණාංග දෙවියන්වහන්සේ සතුය. කිසිවෙකුට පැවරිය නොහැකිවූ උන්වහන්සේගේ අංග ලක්ෂණ නම් සර්වගතභාවය... සර්වබලධාරිබව.....සර්වඥතා ඥණය.....අවිකාර්්යත්වය.... නොවෙනස් වන බව.....සර්වකාලින ස්වභාවය වේ.
උන්වහන්සේ්ගේ පැවරිය හැකි ගුණාංග අතර ධර්මිෂ්ඨකම. ශුද්ධකම.... විඥාණය.... සත්‍යය සහ ප්‍රේමය ඇත.
නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පුර්ණව සිටින්නාක් මෙන් නුඹලාත් සම්පුර්ණව සිටපල්ලා. (මතෙව් 5:48)
ත්‍රිත්වය
ශුද්ධ ලියවිලිවල දෙවියන්වහන්සේ ඒකීයව ප්‍රකාශ වෙන අතර සමහර විට බහු ආකාරයෙන්ද දක්වා ඇත. බයිබලයේ පරණ ගිවිසුම ලියා ඇති භාෂාව වන හෙබ්‍රෙව් බසින් දෙවියන්වහන්සේ දක්වා ඇත්තේ බහු වචන අර්ථයෙනි. දේව වචනයේ සඳහන් අන්දමට දේවත්වය තුල පැහැදිලි වශයෙන් ත්‍රීත්ව පුද්ගලිකත්වයක් දෙවියන්වහන්සේ තුළ ඇති බව ප්‍රකාශ වේ. පියාණෝ... පුත්‍රයාණෝ සහ ශුද්ධාත්මයාණෝ මේ වෙති. මේ ත්රීත්වයාණෝ සම ගුණංග ඇති පුද්ගලිකත්ව තුනකින් යුතුය.
එකම පරමාර්ථයක් එකම අධිෂ්ඨානයක් සහ එකම ක්‍රියාදාමයක යෙදෙන මෙම ත්රීවයාණෝ පැහැදිලි වශයෙන් පුද්ගලිකත්ව තුනකි. මේ පුද්ගලිකත්ව තුන එක් වී ආදෘෂමාන දෙවියන්වහන්සේ සැදුම් ලද්දේය.
ස්වාමි වු දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයත් එවු සේක. (යෙසායා 8:16 )
යේසුස්වහන්සේ බෞතිස්ම ලැබ එකෙනෙහිම දියෙන් ගොඩ නැගුනු සේක. බලව.... අහස උන්වහන්සේට විවර විය. දෙවියන්වහන්ස්ගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවා ද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටු සේක. තවද මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසින් හඞක් විය. (මතෙව් 3:16-17)
සියලූ ඡාතින් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞව්තිස්ම කරපල්ලා. (මතෙව් 28:19)
දෙවියන්වහන්සේ තමන්ගේම පියාණන් යයි කියමින් තමන් දෙවියන්වහන්සේ හා සමාන කරගත් නිසා, යුදෙව්වරු, උන්වහන්සේ මරන්ට වඩා වඩා සෙවුවෝය. (යොහාන් 5:18)
මමද පියාණන් වහන්සේ ද එක තැනැත්තා යයි කීසේක. (යොහන් 10:30)
මා අහක්ව නොගියොත් සැනසිලිකාරයාණන් වහන්සේ නුඹලා ලඟට එන්නේ නැත. නුමුත් ගියොත්. උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. (යොහන් 16:7)
සැබැකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන සේක. මක්නිසාද? උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිඛෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක. උන්වහන්සේ මා ගෞරවයට පමුණුවන සේක.
මක්නිසාද? උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේක. පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගේය. එහෙයින් උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේකැයි කිවෙමි. (යොහන්16:13-15)
අප ඒකත්වයක්ව සිටින්නා සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. (යොහන් 17:28)
ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද? ලෝක මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේම කල සේක. (යොහන් 17:24)
ආත්මයාණන්වහන්සේ අපගේ දුර්වලකම්වලදි උපකාර කරන සේක. (රෝම8:26)
තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නාවු තැනැන්වහන්සේගේ පුත්‍රයා ඇතුළු අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?
ශුද්ධ ලියවිලි තුළ පහත සඳහන් කොටස්වල ත්‍රීත්වය ගැන සඳහන් කර ඇත.
මතෙව් 3:16,17 මතෙව් 28:19, යොහන් 14:16,26 යොහන් 15:26, එපිස:4:4-6,1 යොහන් 5:7, 2 කොරින්ති13:14
ගුණාංග පියාණෝ පුත්‍රයාණෝ ආත්මයාණෝ
පියාණෝ :
දෙවියන් වහන්සේගේ පිතෘ නාමය ත්‍රීත්වයේ මුලස්ථානය දරයි. තමාගේ සර්වකාලීන පුත්‍රයාගේ සර්වකාලීන පියා එතුමාය. මොහු එතුමාගේ එකම ඒකඡාතක පුත්‍රයාය. (යොහන් 1:14) පියාණෝ පුත්‍රයාට ප්‍රේම කරන සේක. (යොහන් 5:20) පුත්‍රයාණෝ ලෝකයට දුන් සේක. (යොහන් 3:16) පාප පුඡාවක් මෙන් තම පුත්‍රයා කල්වරියේදී පොඩිකරනු ලැබිමට සැලැස්සුවේය. (යෙසායා 53:10)
මෙම වන්දි ගෙවීමෙන් පුත්‍රයා විශ්වාස කරන (සියළු දෙනාගේ පියාණන් විය). පුත්‍රයාණන් වහන්සේගේ ක්රීයාවලින් පෙන්නුම් කලේ පියාණන්වහන්සේ එලිදරව් කිරිමය. (මතෙව් 11:27), යොහන් 14:9 ඔහුගේ මනුෂ්‍ය ඡිවිත කාලයේ පියාණන් වහන්සේට යාචිඥා කළ සේක. ස්වර්ගාරෝහණයවී පියාණන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිමේදී මෙලොව තමාගේ දරුවනට පොරොන්දු වු ශුද්ධ ආත්මයාණන්වහන්සේ එවු සේක. (ක්රීයා 2:33)
පුත්රයාණෝ්:
පහත සඳහන් ශුද්ධ ලියවිලිවලින් පැහැදිලි වශයෙන්ම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ බව පෙන්නුම් කරයි. උන්වහන්සේ පටන් ගැන්මේදි වාක්යයාණෝව දෙවියන්වහන්සේ සමඟ සිටි සේක. (යොහාන් 1:1) මෙම වාකයාණෝ මාංශවත්වී කරුණාවෙන් ද සත්‍යයෙන් ද පුර්ණව අප අතර වාසය කල සේක. (යොහන් 1:14) දෙවියන් වහන්සේගේ ස්වරුපයෙන් සිටි එතුමා තමා විසින් සදාතන දේවත්වයට උරුම කිම වරදක් සේ සැලකුවේ නැත. (පිලිප්පි 2:8) කන්‍යාවක් තුළ බිහි වු මෙතුමා අපුර්ව සදාකාලීන පියාණෝ යයි හදුන්වා ඇත. උන්වහන්සේගේ සිංහාසනය සදාකාලයෙන් සදාකාලයට පවති. උන්වහන්සේට දෙවියන්වහන්සේ යයි ආමන්ත්රනය කර ඇත.(හෙබ්‍රෙව්1:8)
ශුද්ධාත්මයාණෝ
උන්වහන්සේ යාච්ඤා කරන සේක. පුද්ගලයෙක් වශයෙන් සිටින නිසා මෙසේ යාච්ඤා කල හැකිය. (රෝම 8:26-27)
උන්වහන්සේ පුද්ගලයෙක් නිසා දෙවියන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන සේක.(යොහන් ,15:26, ක්රීයා 5:32)
තමාගේම අභිප්රායක් උන්වහන්සේට ඇත. (ක්රීයා 13:24, 15:2-7)
ප්‍රේමය දක්වන සේක. (රෝම :15:30)
එතුමා කනස්සල්ලට පත්වේ,(එපිස 4:30)
No comments:
Post a Comment