Wednesday, October 15, 2014

1 වන මුලික ඉගැන්විම් (දෙවියන් වහන්සේගේ ඒකත්වය තුළ විද්‍යමාන ත්‍රීත්වය)

දෙවියන් වහන්සේගේ ඒකත්වය තුළ විද්‍යමාන ත්‍රීත්වය


දෙවියන්වහන්සේ යන්නෙන් අදහස් කරන්නේ විශ්වය මවා පාලනය කරමින් ආරක්ෂා කරන ඡීවාත්මයාණන්වහන්සේටය.
පටන්ගැන්මෙහි දෙවියන්වහන්සේ අහසත් පොළවත් මැවු සේක.(උත්පත්ති1:1) 
      ස්වාමින්වහන්සේ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියළු සේනාවන්ද පොලොව සහ එහි මතුපිට ඇති සියල්ල ද මැවු සේක. (නෙහෙමියා 9:6)
නුඹේ මැවුම්කාර වු, අහස දිග ඇරිියා වු පොළොව පිහිටෙවුවාවු  ස්වාමින්වහන්සේ.......(යෙසායා 51:13)
ඔබ සියලූ දේ මැවු සේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේය. (එළිදරව් 4:11)
පරම සත්‍යය වන්නේ මේ එකම දෙවියන්වහන්සේය. නුඹට පෙන්වන ලද්දේ ස්වාමින්වහන්සේම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් නුඹ දැන ගන්න පිණිසය. (ද්විතිය 4:35)