Friday, October 12, 2018
අපෝස්තලික දේව සභාව හඳුන්වාදීම - 01
අපෝස්තලික සභාවට ලිඛිත ව්‍යවස්ථාවක් ඇත. එහි පළමු ප්රකාශනය 1937 දීත් දෙවැනි ප්රකාශනය 1961 දීත් තුන්වැනි ප්රකාශනය 1985දීත් තුන්වෙනි සංශෝධිත ප්රකාශනය 1987 දීත් ප්‍රකාශ කරන ලදි. 1937 සිට 1985 දක්වා පැවති ව්‍යවස්ථාව එක ග්රන්ථයක් ලෙස ව්‍යවස්ථාවේ නීතිමය රාමුව සහ සභා සහෝදරත්වයේ ආත්මික ව්‍යවහාරයන්ද ඇතුලත් කොට ප්‍රකාශ කරන ලදි. 1985 දී මහා මණ්ඩලය විසින් සභාවේ නිතිමය දුෂ්ඨිය ප්‍රකාශ කරමින් සංශෝධිත ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කරන ලදි.
Thursday, August 23, 2018
ලිංගික සදාචාරය විමසීමට ලක්කරමු – සී, එස්. ලූවිස් (1 කොටස)
ලිංගිකත්වය පිළිබඳ ක්‍රිස්තියානි සදාචාරය විමසීමට ලක්කරමු. මෙය කිතුණුවන් විසින් පිරිසිදුකමේ ධර්ම ගුණය, බඹසර, පතිවුර්තාව යන නම්වලින්ද මෙම ගුණය හඳුන්වනු ලබයි. කිතුණු පිරිසිදුකමේ ගුණය, ”සමාජ විනීතකම” සමඟ පටලවා ගත යුතු නැත. (වචනයේ එක් අර්ථයකින්) සභ්‍යත්වය ශිෂ්ඨ බව හෝ යෝග්‍යතාව උචිත බව, යෝග්‍ය බව පිළිබඳ සමාජ නීතිය මිනිස් ශරිරය කොපමණ ආවරණය විය යුතුද කුමන ප්‍රදේශ නිරාවරණයව තිබිය හැකිද යන්න එම සමාජ නීති අනුව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප විය හැකිය. එලෙස කිතුණු පවිත්රතාවයේ නීතිය සියලූ කිතුණුවන්ට සෑම කලටම එකලෙසමය.
Subscribe to:
Posts (Atom)